Friday, May 15, 2009

හිටි හැටියේ ප‍්‍රදේශයෙන් වාර්තා වු සි¥වීමක කියාවුණේ කුඩා දරුවන් දෙදෙනෙකු නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වු බවයි. මෙය මු`ඵ ශ‍්‍රී ලංකා සමාජයම ගිනි තබමින් ක්ෂණයෙන් පැතිරගියේ දහසක් දෙනාගේ නෙත් අගට කඳු`ඵ බිදු නංවමිනි. එම නිසා මෙම සිදුවීමෙන් සමාජය දෙදෙරුම් කෑවේය. (මේ හරහා උතුරේ සටන්වලට මැදිවී මිය යන කුඩා දරුවන් ගැන වුවද තොරතුරු ලැබේ නම් තමා කම්පාවීමට සුදානම් බව කියා සිටියේ දකුණේ ජනතාව තමා තවමත් අවසංවේදීකරණය වී නැති බව පෙන්වීය.)



දිනක් දෙකක් ගතවන විට නිවස අසලින්ම දරුවන් දෙදෙනාගේ නිසල සිරුරු සහ සෙල්ලම් කරමින් සිටි බයිසිකලයද සොයා ගැණුනු අතර මෙය ඉඩම් ආරවුලක් නිසා අසල නිවැසියෙකු සිදුකළ අපරාධයකැයි හෙළිවන්නට පටන් ගත්තේය. මේ වන විටත් අතුරුදහන් ව සිටි සැකකාර පුද්ගලයා සොයා සහ මේ සිද්ධියේ සුලමුල සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ විය. මෙලෙස පොලීසිය තම රාජකාරිය ආරම්භ කළ අතර කම්පා වු සමාජය දෙස් දෙවොල් තබමින් පුන පුනා බලා සිටියේ අපරාධකරු දකින තුරුය.



දෛවය විසින් ඔහුගේ ඉරණම විසඳා තිබුණි. කැලෑ ප‍්‍රදේශයක තිබී ඔහුගේ මල සිරුර පොලීසියට හමුවිය. ෙදාස් නැගූ සමාජය කියා සිටියේ ඔහුටත් එවන්ම මරණයක් ඇත් වී ඇති බවයි. මෙම සි¥වීමෙන් සමාජය තරමක් නිවී ගියේය. පොලීසිය මීළඟට සැකකාර මිය ගිය පුද්ගලයාගේ පුතා අත්අඩංගුවට ගත්තේය. මේ අනුව සමාජයට තවත් බලාපොරොත්තුවක් ලැබුණේය. ඔහු අත්අඩංගුවට ගෙන ටික දිනකින් කැලේ සඟවා තිබු ආයුධ සෙවීමට යෑමේදී ඔහු පොලීසියට පහරදීමට යෑම නිසා වෙඩි කා මිය ගියේය. තරමක් නිවී වුන් සමාජය දැන් මු`ඵමනින් ම නිවී ගියේ "උන්ගේ පරම්පරාවටම ඕක තමා වෙන්නේ " කියා හිත හදා ගනිමිනි.



යම් සිද්ධියකින් සමාජය කම්පා වු විට එය සනසාලීම රාජ්‍යයේ වගකීම වන්නේය. එ් සඳහා රාජ්‍ය සතුව නීතියක් සහ එය ක‍්‍රියාත්මක කරන ආයතන පද්ධතියක්ද පවතී. මේ අනුව සමාජය නිවාලිය යුත්තේ මෙම සිද්ධිය ආයතන පද්ධතිය තුළ විසඳා වරදකරුට දඩුවම් ලබාදීමෙනි. මේ සිදුවීමේදී ද කම්පා වු සමාජය සැනසුනි. නමුත් මේ සමස්ථ සිදුවීමම පොලීසිය තුළදී විසඳී ඇත. එවිට රටේ අධිකරණය බන්ධනාගාරය වැනි අනෙකුත් ආයතන පවතිනුයේ කුමටද? මේ වුකලී බල්ලාගේ වැඬේ බූරුවා කිරීමකි. බල්ලාට ඇත්තේ බුරන්නටය. බූරුවට ඇත්තේ බර අදින්නය. නමුත් වෙන වෙන වැඩ කිරීමට යෑමෙන් සමස්ථ සමාජයේම සමතුලිතාව බිඳවැටේ.


දැන් මේ සිදුවීමෙන් පිටට විත් ඉතිහාසය දෙස හැරී බැලීමට උත්සාහ ගනිමු. එවිට පෙනී යන්නේ මෙවැනි සිදුවීම් ගණනාවක් මීට පෙර සිදුවු බවයි. දිගින් දිගටම ආයුධ සෙවීමය සැකකරුවන් රාත‍්‍රියේ කැලෑ ප‍්‍රදේශවලට ගෙන යන පොලීසියට ඔවුන් සඟවා තිබු අවිවලින් පහරදීමට යන නිසා වෙඩි තැබීමට සිදුවෙයි. (අවි සෙවීමය යන විට මාංචු දමාගෙන යා යුතු බව අමතක වු පොලීසියට වරක් අධිකරණය එය මතක් කර දෙයි.) ඉන් පසුව වැවක් මැද සැඟවු අවි සෙවීමට ගිය සැකකරුවෙක් මාංචු පිටින් වැවට පැන දිවි නසා ගත්තේය. (මෙවන් සි¥වීම් වලින් සැනසීමට හුරුවු සමාජය දිගින් දිගටම බලාපොරොත්තු වන්නේද එවැනි ආකාර දඬුවම් දීමය.)


මෙය ඉතිහාසය පුරාවට ගලා ආ සිදුවීම් මාලාවක් වන බැවින් මෙය අවසන් සිදුවීම යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. මේ අනුව බලන කළ දැනට කම්පා වී ඇති සමාජයද සැනසීමට පුන පුනා බලා සිටී. එ් නන්දන බාලගේ සහෝදරයාගේ මරණයෙන් සිදු වු කම්පාවයි. අධිකරණ පොලීසියට වැඬේ බාරදී ඇත. ( සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම) මේ අනුව ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීතුමා ඇතු`ඵ පිරිසටම අනතුරු ඇඟවීමට සිතෙයි. මන්ද යත් කම්පා වු සමාජය සැනසීමට පුන පුනා බලා සිටින බැවිනි.


නමුත් සිදුවනුයේ අමුතුම දෙයකි. පොලීසිය සැකකරුවන්ට අතට අත දී ත‍්‍රීවිල් වල නංවා පිටත් කර හරියි. මේ වූකලි කේතුමතී නුවරක පවතින කැකිල්ලේ නීතිය නොවේද?